මහනුවර දිගන,තෙල්දෙණිය ප්‍රදේශවල ඇති වූ ජාතිවාදී ගැටුම් පිටු පස සිටින මහසෝන් බළකායට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකුගේ උපදෙස් ලැබී තිබෙන බවට බුද්ධි අංශ මගින් තමාට තොරතුරු අනාවරණය වී තිබෙන බව ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා “ඉරිදා මව්බිමට” පැවසීය.
මහසෝන් බළකායේ අමිත් වීරසිංහ නැමැත්තාට මේ කැබිනට් අමාත්‍යවරයා උපදේස් ලබාදී තිබෙන බවත් කැබිනට් අමාත්‍යවරයා සමග මේ පුද්ගලයා කටයුතු කර ඇති බවත් “ මහසෝන් බළකාය” යන නාමයද ලබා දී තිබෙන්නේ මේ කැබිනට් අමාත්‍යවරයා විසින් බවත් වාසුදේව නානායක්කාර මහතා පෙන්වා දෙයි.
මේ ගැන තවත් තොරතරු ගවේෂණාත්මකවත් පොලීසිය මගිනුත් තමා ලබා ගනිමින් සිටින බවත් එම සියලුම තොරතුරු ලබාගත් පසුව මේ කැබිනට් අමාත්‍යවරයාගේ නම හෙළි කරමින් සියලුම තොරතුරු රටට හෙළි කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර මහතා සදහන් කළේය.
Lanka Newsweek © 2026